පසුගිය සති හතරක කාලය තුළ ගෝලීය කොවිඩ් රෝගීන් ගේ වාර්තා වීම 52% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ගෙවුනු සති හතර තුළ නව කොරෝනා රෝගීන් 850,000 කට වඩා වාර්තා වී ඇති බවත් මරණ 3,000ක් පමණ වාර්තා වී ඇති බවත් ය.
BA.2.86 Omicron ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස දැක්වෙන JN.1 ප්‍රභේදය මෙම වැඩි වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට හේතු වී ඇති බවයි සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.
ඔවුන් අවධාරණය කරන්නේ එම ප්‍රභේදය අවදානම් සහගත සහ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රභේදයක් ලෙස නම් කළත් එයින් ගෝලීය මහජන සෞඛ්‍ය අවදානම දැනට අවම මට්ටමක පවතින බවයි.
මේ අනුව කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 772කට වඩා වැඩි අතර මරණ සංඛ්‍යාව මිලියන හතකට ආසන්න වනවා.
මේ වන විට උතුරු අර්ධගෝලයේ රටවලට ඇති ශිත කාලගුණයත් සමඟ යම්තාක් දුරට මෙහි පැතිරීම ඉහළ යා හැකි අතර ඒ හේතුවෙන් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි සංවිධානය ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

