අද මධ්‍යම රාත්‍රීයේ උදාවන අසිරිමත් නත්තල වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය කටාන – හල්පේ ශූද්ධ වූ ප්‍රැස්සිස් සේවී මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.
කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේවමෙහෙය පැවැත්වෙන බවයි.
ක්‍රිස්තියානි සහ කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කර තිබෙනවා .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කොළඹ ඊයේ (23) කැදවා තිබු ප්රවෘත්ති සාකච්ඡාවකදි පැවසුවේ මේ සදහා පොලිස් නිළධාරින් 7,500 ක් යොදවා ඇති බවයි.

