නත්තල් ගසේ අතීතය සහ විද්‍යාත්මක පැතිකඩ

ශීත රටවල හැදෙන Fir කියන ගස් විශේෂය තමයි ලස්සනට සැරසිලා නත්තල් ගස කියලා මේ කාලෙට එලියට එන්නේ. දැන් නම් වෙළඳපොලේ විවිධ ප්ලාස්ටික් නත්තල් ගස් තිබුණත් ඒ කාලේ තමන්ගේ ගෙදර අවට තියෙන Fir ගස් තමයි මිනිස්සු සරසලා ලස්සන කළේ.

9 best Douglas Fir Tree - Old Growth Named "Big Doug" images on ...
Fir ගසක්

ඍතු භේදයක් නැතිව වසරේ ඕනෑම කාලයක කොළ පාටින් දිස් වෙන සදාහරිත ශාකයක් වෙන මේ Fir ශාකය සරසන එක ජේසුස් වහන්සේ ඉපදෙන්න කලින් ඉඳන් ම පැවතගෙන ආපු දෙයක්.

හරියට හිරු එලිය නොවැටෙන, අනෙක් ගස් තමන්ගේ කොළ හලන කාලයක වුණත් ලස්සනට කොළ පාටින් දිස් වෙන මේ ගස ට ඒ කාලේ මිනිස්සු සැලකුවේ දේවත්වයකින් කිව්වොත් වැරදි නැහැ. එයාල මේ ගස ආශ්‍රය කර ගෙන අඳුරුතම කාල වල දී පවා ජිවය දෙන බලවේගයක් ඇතැයි කියලා විශ්වාස කරලා බලාපොරොත්තුවේ සංකේතයක් විදිහට මේ ගස ලස්සනට සරසලා තියෙනවා.

පසුකාලීනව චිත්‍ර සහ සාහිත්‍ය කියන දේවල් දියුණු වෙනකොට බයිබලයේ එන Garden of Eden – ඒඩන් ගේ උයනේ ත් මේ Fir ගස් විශාල ප්‍රමාණයක් තිබුනා කියලා ඒ කාලේ කලාකරුවන් සඳහන් කර තියෙනවා. බයිබලයේ මේ Fir ගස් තිබුනා යැයි නිශ්චිත වශයෙන් ම සඳහා කර නැති වුණත් මෙසපොතේමියාවේ Eden ගේ උයන පිහිටා තිබුණා යැයි කියන ප්‍රදේශය Fir ගස් වර්ග රාශියකටම නිජබිමක් විදිහට හඳුනා ගෙන තියෙනවා.

Art and the Bible: The Garden of Eden
Eden ගේ උයන

ඒ වගේම තමයි මන් කලින් කිව්වා වගේම මේ Fir ගස් කියන්නේ සදාහරිත ශාකයක් නිසා අමරණීයත්වය සංකේතවත් කරන්න මේ Fir ගස Eden ගේ උයනට කලාකරුවන් විසින් යොදා ගත්තා කියලා සලකන්නත් පුළුවන්.

කොහොම වුණත් පසුකාලයේ තමන්ගේ නිවසත් දිව්‍යමය උයනක් වගේ ලස්සන කරලා තියා ගන්න මිනිස්සු මේ ලස්සනට සරසපු Fir ගස් යොදා ගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.

7-8 ft Fraser Fir Real Christmas Tree at Lowes.com
නත්තල් ගසක් ලෙස සැරසූ Fir ගසක්

ඉතින් දැන් අපි බලමු මේ නත්තල් ගසේ එහෙමත් නැත්නම් Fir ගස දිහා විද්‍යාත්මකව.

ඕනිම නත්තල් ගසක් හදලා තියෙන්නේ කේතුවක් ආකාරයේ හැඩයකට. Fir ගසේ අතු ස්වාභාවිකවම කේතු ආකාරයක් ගන්න එක ඒ ගස ජිවත් වන පරිසරයට දරන අනුවර්තනයක් වනවා. මොකද මේ Fir ගස් වැඩිපුරම තියෙන්නේ ශීත රටවල නිසා මේ කාලේ ඒ රටවලට විශාල හිම පතනයක් තියෙනවා. ඉතින් මේ Fir ගසේ තියෙන කේතු ආකාර අතු සැකස්මත් එක්ක Fir ගසට වැටෙන හිම එකේ රැඳෙන්නේ නැහැ. අතු හරහා ඒවා බිමට ලිස්සලා යනවා. ඉතින් එන්න ඒ නිසා හිම කුනාටු වලින් මේ ගස් වල අතු මත හිම එකතු වෙලා බර වෙලා අතු බිමට කඩා වැටෙන එක අවම කරන්න ඒ කේතු ආකාර හැඩය උපකාරී වෙනවා.

මේ අතු සාමාන්‍යයෙන් පවා ටිකක් පොළොව දෙසට නැමිලා තමා තියෙන්නේ. ඒකත් අතු මතට පතිත වන හිම බොහොම ලේසියෙන් බිමට දමන්න හොඳ අනුවර්තනයක්. ගොඩක් දෙනා කියනවා මේ ගස නැමිලා තියෙන අපසරණ කෝණය ස්වර්ණමය අනුපාතය ඒ කියන්නේ Golden ratio එකට ඉතාම ආසන්නයි කියලා.

ඒ වගේම තමයි Fir ගසේ අතු බෙදිලා තියෙන විදිහ. ගසේ කඳෙන් හට ගන්නා ප්‍රධාන අතු ආයෙමත් කුඩා අතු වලට බෙදිලා තියෙනවා. ඒ කුඩා අතු වල තමයි අර ක්ෂිණ වුනු ශාක පත්‍ර තියෙන්නේ. ඉතින් මේ අතු හට ගන්නා රටාවල් Fir ශාකයෙන් ශාකයට අනන්‍ය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතු phyllotaxis ලෙස හඳුන්වන සර්පිලාකාර රටාවක් අනුගමනය කරමින් ප්‍රධාන කඳ වටා පිහිටලා තියෙනවා.

List of Evergreen Christmas Tree Types | Christmas Gifts & Trees ...

හරිම ලස්සනට සමබරව දෙපැත්තට මේ අතු බෙදිලා තියෙන නිසා Fir ගස දිහා බලන ඕනිම කෙනෙක් ට ලස්සන දර්ශනයක් දෙන්න මේ ගස සමත් වෙලා තියෙනවා.

ඒ වගේම තමයි Fir ගසේ ශාක පත්‍ර හොයන්නවත් බැරි තරම් ක්ෂින වෙලා ගිහින් තියෙන්නේ. සරලව කියනවා නම් මේ ගසේ පත්‍ර හරියට ඉඳිකටු වගේ. ඔයාලා දන්නවා ශාකය උදෑසන කාලයේ දී උත්ස්වේදනය ඒ කියන්නේ ශාක පත්‍ර වලින් ජලය පිට කරනවා කියලා. ශාක වල ආහාර නිපදවීමේ ක්‍රියාවලියත් එක්ක තමයි මේ දේ වෙන්නේ. ඉතින් සීතල කාලෙට තමන්ගේ තියෙන ජලය ටික උත්ස්වේදනය ඒ කියන්නේ වාෂ්ප වෙන්න නොදී ආරක්ෂා කර ගන්න තමයි මේ Fir ශාක පත්‍ර මෙච්චර කුඩා වෙලා තියෙන්නේ. එතකොට ජලය වාෂ්ප වෙන්න තියෙන්නේ අඩු පෘෂ්ට වර්ගඵලයක් නිසා වාෂ්ප වෙන ජල ප්‍රමාණය අඩු වෙනවා.

Douglas Fir
Fir ගසේ කුඩා අතු සහ පත්‍ර

මේ ගස් වලට සූර්යයාලෝකය පතිත වෙන්නේ සීමිත කාල සීමාවක් නිසා ඒ ලැබෙන සූර්යයාලෝකය උපරිම වශයෙන් ග්‍රහණය කර ගන්න මේ කුඩා පත්‍ර විශාල සංඛ්‍යාව තිබීමෙන් පුළුවන් වෙනවා. පත්‍ර කුඩා වීම නිසා ඒ ඉහළ තියෙන පත්‍ර වලින් පහළ තියෙන පත්‍ර වලට හිරු එලිය ගමන් කිරීමට බාධාවක් වෙන්නේ නැහැ.

Fir-tree | Fir tree, Poinciana, Beautiful flowers
Fir ශාකය පරාගනයට දායක වන අවයවය – මල

ඉතින් මේ අතු බෙදෙන ආකරය, පත්‍ර වල හැඩය ආදිය නිසා Fir ශාකය ස්වාභාව ධර්මය විසින් නිර්මාණය කරන ලද තවත් ඉතාම සුන්දර ජ්‍යාමිතික නිර්මාණයක් විදිහට සලකන්න පුළුවන්.

ඉතින් මේ නත්තලේ ඔයාල නත්තල් ගසක් සරසන කොට මේ දේවල් ගැනත් හිතන්න අමතක කරන්න එපා.

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා…!