ගර්භාෂ දෙකකින් දින දෙකක දී දරුවන් දෙදෙනෙක් බිහි කළ මවක්

මව් පදවිය කියන්නේ ඕනිම කාන්තාවක් ජිවිතයේ ලබන උසස්ම ඒ වගේම වටිනාම පදවියක්. විවිධ ආකරයේ ගැබ් ගැනීම් සහ දරු පෘසූතියන් ගැන අපිට එක එක කාලයේ දී අහන්න ලැබෙනවා.

එහෙම විශේෂ දරු ප්‍රසූතියක් ඇමරිකාවේ පසුගිය ද සිදු වෙලා තියෙනවා. මිලියනයකින් එකක් සම්භාවිතාවයක් සහිතව සිදු වෙලා තියෙන මෙහි 32 හැවිරිදි ඇමරිකානු ජාතික Kelsey Hatcher විසින් සිය ගර්භාෂ දෙකෙහිම දරුවන් දෙදෙනෙක් බිහි කරලා තියෙනවා.

ඒ වගේම පළමු ප්‍රසූතිය සහ දෙවන ප්‍රසූතිය අතර සම්පූර්ණ පැය 20ක පරතරක් තිබිලා කියලා තමයි වාර්තා වෙන්නේ.

පළමු දරුවා වන Roxi දෙසැම්බර් 19 වන දා රාත්‍රී 7.45 ට පමණ සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු වන ආකාරයට යෝනි මාර්ගය හරහා බිහි වී ඇති අතර දෙවන දරුවා වන Rebel පැය 10කට වැඩි කාලයක් තිස්සේ සිදු කරන ලද සිස්රෙයන් සැත්කමකින් පසුව බිහි වී තිබෙනවා.

මෙම දරුවන් දෙදෙනාම ගැහැණු ළමයින් වන අතර ඔවුන් එකිනෙකට වෙනස් උපන් දින සහිත නිවුන් දරුවන් වනවා.

සාමාන්‍ය නිවුන් දරු උපත් ආකරයට නොව මෙහි දී දරුවන් දෙදෙනාටම ගර්භාෂ එක බැගින් ලැබී තිබීම හේතුවෙන් සාමාන්‍ය නිවුන් දරුවන්ට වඩා මොවුන්ට වර්ධනය වීමට වැඩි ඉඩ කඩක් හිමි වී ඇති බවයි ඇයගේ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

Mother Kelsey hatcher, her two daughters and husband Caleb
Kelsey Hatcher, ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනා