මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැදවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙනවා.
මින් පෙර ද එම බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු අතර ඒ අනුව දැනට මාතර මහ රෝහලේ බන්ධනාගාර රැඳවියන් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ගනු ලබනවා.
ඒ අතරින් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ සිටිනවා.
මින් පෙර ඇතුළත් කළ රෝගියෙකු ජීවිතක්ෂයට පත් වුණු නමුත් ඔහුගේ ජෛව සාම්පල පරික්ෂා කිරීමේ දී වාර්තා වී ඇත්තේ ඔහු මොලේ උණ තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.
මාතර බන්ධනාගාරයේ ඇති ව ඇති මෙම තත්ත්වය හේතුවෙන් අද සහ හෙට යන දෙදින සිරකරුවන් බැලීම සඳහා වන විශේෂ දිනයන් වුවත් මාතර බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අවසර ලබාදීමේ කාලය සීමාකිරීමට පියවරගන්නා බව යි බන්ධනාගාර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

