බංගලාදේශයෙන් රුපියල් මිලියනයක් වටිනා ඖෂධ පරිත්‍යාගයක්

බංග්ලාදේශය විසින් පරිත්‍යාග කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24 ක තොගය පසුගිය දා නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam විසින් මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත නිල වශයෙන් භාරදුන් බවයි.

ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව සහ ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලට අනුව මෙම අත්‍යාවශ්‍ය ඖෂධ තොගය ලැබී තිබෙනවා.

පරිත්‍යාග කරන ලද ඖෂධ තොගය ශ්‍රී ලංකාවේ මාස තුනක ඖෂධ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.