කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය තවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පැරණි දැන්වීම් සහ අරමුදල් වාර්තා පමණක් මෙම වෙබ් අඩවියෙහි සංරක්ෂණය වී පවතිනනු ඇත.
එසේම වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශ්වයන් වෙතින් ලබාගෙන අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා.

