හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ගීතනාත් කැසිලිංගම් මහතාට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ප්රධාන පත්වීම් දෙකක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මෑත කාලීන ප්රතිසංස්කරණයෙන් පසුව කැසිලිංගම් මහතා පක්ෂයේ විධායක කමිටුවට සහ දේශපාලන මණ්ඩලයට පත් කර ඇති බව සඳහන්.
එම කමිටු දෙකෙහිම දෙමළ නියෝජිතයා ලෙස කටයුතු කරන ඔහුට පැවරී ඇත්තේ දෙමළ ප්රජාව අතර, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්රදේශවල පක්ෂයේ ප්රතිපත්ති ශක්තිමත් කිරීමයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුවට සහ දේශපාලන මණ්ඩලයට පත් වූ ලාබාලතම සාමාජිකයා වන්නේ කැසිලිංගම් මහතා වනවා.

