කීරි සම්බා සහල් වෙනුවට අලුත් සහල් වර්ගයක් ආනයනයට අවසර

කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයන කිරීමට පෞද්ගලික අංශයට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත එම තීරණය ගෙන ඇති බවයි සඳහන්.

දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා වූ යෝජනාව වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.