බන්ධනාගාර බස් රථවලටත් CCTV කැමරා

බන්ධනාගාර බස් රථවලට, විශේෂයෙන් රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථවලට CCTV කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසනවා.

කැමරා සවිකිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්‍ෂාවට වඩාත් ප්‍රයෝජනවත් බවත්, කැමරා පද්ධතිය බන්ධනාගාරයේ සිට නිරීක්‍ෂණය කිරීමේ හැකියාවද තිබීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා කිරීමේ අවස්ථාව ද අඩු වන බවයි බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරන්නේ.

වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 07 කින් සමන්විත වන අතර, සියලුම දර්ශන පටිගත වන බවත් දිනය අවසානයේ සමස්ත විඩියෝවේ පිටපතක් ගන්නා බවත් කොමසාරිස්වරයා පැවසුවා.