චීනයට දරුණු භූ කම්පනයක්

වයඹදිග චීනයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන ගන්සු පළාතේ රික්ටර් මාපකයේ 6.2 ක ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 105 දෙනෙකු මියගොස් තවත් 250 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

කම්පනය හේතුවෙන් අසල්වැසි Qinghai පළාතේ ද පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර 182 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ වන විට චීනයේ ගන්සු පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -13ක් තරම් ඉතාම අවම අගයක පැවතියත් අතුරුදහන් වූවන් සොයා සිදු කරන මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

චීන නායක ෂී ජින්පින් විසින් නියෝග කර ඇත්තේ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ අවතැන් වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් ඉක්මන් කරන ලෙසයි.

 

Map