19න් පහළ ආසියානු කුසලානය බංගලියන්ට

2023 අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය දිනා ගැනීමට අද බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.

අවසාන මහා තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි රාජ්‍යයේ (UAE) කණ්ඩායම සමත් වූ නමුත් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 282ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහි දී බංගලාදේශය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ashiqur Rahman Shibli පන්දු 149කදී හයේ පහරක් සහ හතරේ පහර 12ක් සමග ලකුණු 129ක් රැස් කර ගනු ලැබුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි UAE කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගතහැකිවූයේ ලකුණු 87ක් පමණි.

ඒ අනුව 2023 අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය බංගලාදේශය විසින් දිනා ගනු ලැබුවා.

තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වුනා.