ගජමෑන්ට පණ දුන් කැමිලස් දිවි සැරිය නිම කරයි

සම්මානනීය ප්‍රවීණ සිත්තරෙක්, දක්ෂ කාටුන් ශිල්පීයෙක්,ගත් කතුවරයෙක් මෙන්ම ග්‍රන්ථ ප්‍රකාශකයෙකු වූ කැමිලස් පෙරේරා අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 84 වැනි වියෙහි පසු වූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ද අද සවස් යාමයේ ම පවුලේ ඥාතීන් විසින් සිදු කිරීම ඇති බවයි වාර්තා වෙන්නේ.

“ගජමෑන්”, “සිරිබිරිස්”, “මගෝඩිස්”, “දොංසේතන්”, ”සෙල්ලන් සේන”, “පද්මාවතී” සහ “ලපයා” වැනි විකට චරිත තුළින් අපේ කුඩා කාලය රසාලිප්ත කළ ඔහු ඇත්තෙන්ම දුක දිනා ජයගත් ව්‍යාපාරික රසවතෙක් ලෙස හඳුන්වා දිය හැකියි.

ඔහු කළ මෙහෙය වෙනුවෙන් පසුගිය වසරක සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ ඔහු විශේෂ සම්මානයකින් ද පිදුම් ලබා තිබෙනවා.

ඔහුගේ මේ නිර්මාණ එදා මෙන්ම අදටත් එක ලෙස රසික හදවත් තුළ අමතක නොවන මතකයක් මවන බව නොරහසකි.