ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය 25%කින් පහතට

ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව පසුගිය වසර 10 යේදී 25% කට ආසන්න ප්‍රතිශතයකින් පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උපත් ලේඛනයේ දක්වා තිබෙනවා.

එම ලේඛනයට අනුව 2013 වසරේ ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව 365,762 ක් වන අතර 2022 වසරේ උපත් සංඛ්‍යාව 275,321ක් වනවා.

එසේම 2014 වසරේ 349,744 ක්, 2015 වසරේ 336,097 ක්, 2016 වසරේ 329,630 ක්, 2027 වසරේ 326,052 ක්, 2018 වසරේ 328,112 ක් සහ 2019 වසරේ 319,010 ක් මෙරට උපත් වාර්තා වී ඇති තිබෙනවා.

2020 වසරේ සහ 2021 වසරේ පිළිවෙලින් උපත් 284,848 ක් සහ උපත් 284,848 ක් බැගින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පෙනී යන්නේ ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහල ගොස් ඇති බවයි.