ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථාන ගොඩනැගිල්ල වන පෙන්ටගනයටත් වඩා විශාලත්වයකින් යුතු ලොව විශාලතම කාර්යාල සංකීර්ණය අද ඉන්දියාවේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබුවා.
එය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටා ඇති අතර නමින් Surat Diamond Bourse හෙවත් සූරත්හි දියමන්ති හුවමාරුව ලෙස හැඳින්වෙනවා.
මෙම Surat Diamond Bourse හි විශාලත්වය වර්ග අඩි 67,28,604ක් වන අතර එය පෙන්ටගනයට වඩා වර්ග අඩි 55,000 කින් පමණ විශාල වනවා.
මෙම සංකීර්ණය තුළ ස්වර්ණාභරණ වෙළඳ සංකීර්ණයක්, ආනයන-අපනයනය සඳහා රේගු නිෂ්කාශන මධ්‍යස්ථානයක්, සහ ජාත්‍යන්තර බැංකුකරණ සහ ආරක්ෂිත සුරක්ෂිතාගාර පහසුකම් ආදිය මූලික වශයෙන් පිහිටා තිබෙනවා.
මෙය ජාත්‍යන්තර දියමන්ති සහ ස්වර්ණාභරණ වෙළඳාම සඳහා ලොව විශාලතම සහ වඩාත්ම දියුණු මධ්‍යස්ථානය බවට පත් වනු ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙහි එක් එක් ගොඩනැගිල්ලක තට්ටු 15ක් ඇති නමුත් නවීන තාක්ෂනය යොදා ගනිමින් සකසා ඇති විදුලි සෝපාන (lift) භාවිත කිරීම හේතුවෙන් මිනිත්තු 06ක් වැනි කාලයකින් පහළ තට්ටුවේ සිට ඉහල දක්වා යා හැකි වනවා.
එම ගොඩනැගිලි මීටර 81ක් උස වන අතර ඒවා එකිනෙක අතර ගමන් කළ හැකි වන ලෙස සම්බන්ධ කර පවතිනවා.
මෙම සංකීර්ණයේ කාර්යාල 4,500ක් ඇති අතර ඒවායේ 65,000කට වැඩි සේවක පිරිසක් රැකියා කරනු ඇති බවට අපේක්ෂා කරනවා.




