බයිඩන්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනය කිරීමට අනුමැතිය

ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනය විධිමත් කිරීමට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

රිපබ්ලිකන් පක්ෂයේ කමිටු තුනක උපසභාපති ලෙස බයිඩන් කටයුතු කරන විට ඔහු විසින් සිදු කරන ලද්දා යැයි පැවසෙන අල්ලස් සහ දූෂණ ගනුදෙනු සම්බන්ධයෙන් මෙම දෝෂාභියෝගය ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

අදාළ දෝෂාභියෝග විමර්ශනය සඳහා වූ යෝජනාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීම ඊයේ (13) පවත්වා ඇති අතර, එහි දී අදාළ යෝජනාවට පක්ෂ ව ඡන්ද 221ක් ලැබී ඇති අතර, විපක්ෂ ව ලැබි ඇත්තේ ඡන්ද 212ක් පමණි.

ඒ අනුව බයිඩන් ට එරෙහි චෝදනා වලට සාක්ෂි එකතු කිරීම වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කළ හැකි බවයි මන්ත්‍රී මණ්ඩලය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති බයිඩන් සඳහන් කරන්නේ ඒ සියල්ල බොරු චෝදනා වන බවයි