2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්රවේශපත්ර සහ කාල සටහන් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අදාළ ප්රවේශපත්ර සහ කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා පාසල් ප්රධානීන් වෙතත පෞද්ගලික අයදුම්කරුවන් සඳහා පුද්ගලික ලිපින වෙතද තැපල්කර යවා ඇති බවයි.
කිසියම් කරුණක් මත ප්රවේශ පත්ර නොලද අයදුම්කරුවෙක් වෙතොත් www.doenets.lk වෙබ් අඩවියෙන් එය බාගත කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
එමෙන් ම පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්රවේශපත්රයේ වෙනස්කම් වෙතොත් එක් වරකදී පමණක් http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස එය සංශෝධනය කර ගැනීමට දෙසැම්බර් 19 රාත්රි 12.00 තෙක් පමණක් අවස්ථාව ලබා දී තිබෙනවා.
2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 ආරම්භ කර ජනවාරි 31 දක්වා පැවැත්වීමට නියමිත යි.

