කියෙව් අගනුවරට රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක්

ඊයේ රාත්‍රියේ යුක්රේනයේ කියෙව් අගනුවරට දරුණු රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ පැවසුවේ ප්‍රහාරවලින් ළමුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් පනස් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

යුක්රේන හමුදා විසින් මෙලෙස ප්‍රහාර එල්ල කරන ලද රුසියානු බැලස්ටික් මිසයිල 10 ක් බිම හෙලීමට සමත්ව ඇති අතර එහි දී ඇති වූ සුන්බුන් හේතුවෙන් අසල වූ ළදරු පාසලකට සහ රෝහලකට හානි සිදු වී තිබෙනවා.

ප්‍රහාරය සිදු වී ඇත්තේ යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් යුද ආධාර ඉල්ලමින් ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින අතරතුර වීම විශේෂත්වයක්.

මෙම ප්‍රහාරය මෙම සතියේ යුක්රේනයේ අගනුවරට එල්ල වුණු දෙවන බැලස්ටික් මිසයිල ප්‍රහාරය වනවා.