2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වුනා.
එහි දී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81ක් පමණකි.
ඒ අනුව වැඩි ඡන්ද 41 කින් 2024 වර්ෂයට අදාළ අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.
මෙහි දී සී. වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.
මේ සමඟ 2024 වසරේ ජනවාරි 09 වනදා දක්වා සභාව කල්තබන බව කථානායවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුනි.
පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

