බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මගක් නොමැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවහොත් මුළු රටම නැවත කඩාවැටෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
එසේම බලය ලබා ගැනීමේ අරමුණින් බොහෝ දේශපාලනඥයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන රටම පරිස්සම් විය යුතු බවත්, එවැනි සුරංගනා කතාවල කියන දේ ඉටු කිරීමට යාමෙන් සිදු වන්නේ රට නැවත බංකොළොත්භාවයට පත්වීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (13) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
රට ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ඉටුකරගත යුතු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය යන මූලික සාධක දෙක නිසි පරිදි හසුරුවා ගැනීම හේතුවෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බවයි හෙතෙම සඳහන් කරන්නේ.
තවද මෙම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට යාමෙන් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

