ආගමික වැරදි විමර්ශනයට නව ඒකකයක්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව ආගම්වලට සිදුකරන අපහාස සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම වෙනුවෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයයේ වෙනමම ඒකකයක් ස්ථාපිත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධ පැමිණිලි පහත ක්‍රමවේද හරහා ජනතාවට දැනුවත් කළ හැකි වනවා.

0112 300 637

ෆැක්ස් අංකය – 0112 381 045

ඊමේල් ලිපිනය – ccid.religious@police.gov.lk