IPL ක්‍රීඩක වෙන්දේසි ලැයිස්තුව එළියට – ශ්‍රී ලංකාවෙනුත් ක්‍රීඩකයන් අටක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2024 ක්‍රීඩක වෙන්දේසිය සඳහා වන ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් එළිදක්වා තිබෙනවා.

වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 333ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 214ක් ම ඉන්දීය ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්.

එසේම මේ සඳහා විදෙස් ක්‍රීඩකයන් 119 දෙනෙක් නම් කර ඇති අතර ඉන් 8 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබා දී ඇති ඉහළම වෙන්දේසි මුදල වන ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදල මෙවර වනිඳු හසරංග වෙත ලැබී තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර වෙන්දේසියට නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වනවා.

මොවුන් සියල්ලන්ම ඉන්දීය රුපියල් ලක්ෂ 50ක කාණ්ඩයෙන් වෙන්දේසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.