දින දෙකක් ඇතුළත පුද්ගලයන් 12 දෙනෙක් අතුරුදහන් වෙයි

ගත වූ දින දෙක තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාල වයස්කරුවන් සිව්දෙනෙකු ඇතුළුව පුද්ගලයන් දොළොස් දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක්, නාදකුඩුඉරුප්පු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්, හැටන් පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙක් සහ යටියන සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි 15 හැවිරිදි දැරියක්ද අතුරුදන් බාල වයස්කරුවන් අතරට අයත්ය.

තව ද නුවරඑළිය ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, පොතුවිල්හි පදිංචි 26 හැවිරිදි කාන්තාවක් සහ එඬේරමුල්ල ප්‍ර​දේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු ද අතුරුදහන් වී තිබෙනවා.

මීට අමතර ව මෙම පිරිසට නොර්වුඩ්හි පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, මොරටුව පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි, පල්ලම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කම්කරුවකු, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද ඇතුළත්ය