පොහොට්ටුවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න යයි

එළඹෙන පොදුජන පෙරමුණේ සම්මේලනයේ දී පක්ෂ ව්‍යස්ථාවේ යම් වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන නමුත් පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරු වල වෙනසක් නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ලබන 15 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය පැවැත්වෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නව ව්‍යවස්ථාව යටතේ පොදුජන පෙරමුණේ නිලධාරී මණ්ඩලය වෙත පක්ෂයේ පරිපාලන කටයුතු පැවරෙන අතර ගම් මට්ටමින් පක්ෂය යළි ගොඩනැගීමේ කටයුතු වෙනම යාන්ත්‍රයක් ඔස්සේ ආසන මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලබන වසර මැතිවරණ වර්ෂයක් හෙයින් එම මැතිවරණ වලට මුහුණ දීම සඳහා පක්‍ෂය වඩාත් ශක්තිමත් කළ යුතු හෙයින් පක්ෂයේ විධායක කමිටුවට ද නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බව යි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.