මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ සඳහා අයදුම් කිරීමේ දී පාසල්වල ප්‍රමුඛතාවය හිමිවන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා.
අමාත්‍යවරයා පෙන්වා දුන්න්ව් මීට අදාළ චක්‍රලේඛය අනුව අයදුම්පත් කැඳවීම අදාල පාසල්වල විදුහල්පතිවරු විසින් සිදුකළ යුතු බවයි.
එමෙන්ම සාමාන්‍ය පෙළ සිසුන් වැඩි වශයෙන් සමත් පාසල් සඳහා එම පාසලේ දරුවන්ට උසස් පෙළ සඳහා යොමුවීමේ දී ප්‍රමුඛතාවය හිමිවන බවත්, යම් දරුවෙකු අධ්‍යාපන ලබන පාසලේ අදාළ විෂය ධාරාව නොමැති නම් එම දරුවන්ට අනෙක් පාසල්වල ප්‍රමුඛතාවය හිමිවන බවත් අමාත්‍යවරයා විසින් එහිදී සඳහන් කරනු ලැබුවා.

