චීන ජනපති ෂී ජින්පිං අද දින වියට්නාමයට රාජ්ය සංචාරයක නිරත වීම සඳහා එරටට පැමිණීමට නියමිතව තිබෙන අවස්තාවක ඔහුට එරෙහිව වියට්නාමයේ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබෙනවා.
චීනය සහ වියට්නාමය අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීම අරමුණු කර ගනිමින් දෙරට අතර නායකයන්ගේ සාකච්ඡාවක් ද මෙම සංචාරය අතරතුර දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් වියට්නාම වැසියන් සඳහන් කරන්නේ චීන ජනපතිගේ මෙම ගමන හේතුවෙන් දෙරට අතර යුද්ධයක් ඇති වීමේ ඉඩක් ද පවතින බැවින් චීන ජනපතිට පිටව යන ලෙසයි ඔවුන් බල කරන්නේ.
වියට්නාමය සහ චීනය අතර දකුණු චීන මුහුදේ වූ දූපත් සම්බන්ධයෙන් මින් පෙර විශාල යුධ ගැටුමක් ඇති වුණු අතර ඉන් වියට්නාම වැසියන් බොහෝ ප්රමාණයක් ඝාතනය වනු ලැබුවා.

