ආබාධිත පුද්ගලයන්ටත් සාමාන්‍ය රියදුරු බලපත්‍ර

ආබාධිත පුද්ගලයන්ටත් සාමාන්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මේ මාසයේ සිට ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා

ඒ අනුව අස්ථි,මස්පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහනයක් පැදවිය හැකි නම් දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආබාධිත අයට රියදුරු බලපත්‍රය දීමට ඇති බාධා ඉවත් කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආබාධිත අයට මෙලෙස සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙන පළමු අවස්ථාව මෙය ලෙසයි සඳහන් වෙන්නේ.

ආබාධිතයන් සඳහා මීට පෙර රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු වාහන සඳහා පමණි.