ඇද හැලෙන අධික වැසි තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පහත ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
- බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ හල්දුම්මුල්ල ප්‍රදේශ
- මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, උඩපළාත සහ මැදදුම්බර ප්‍රදේශ
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවත්ගම සහ පොල්ගහවෙල,
- මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල අඹන්ගඟ කෝරළේ සහ ලග්ගල පල්ලේගම ප්‍රදේශ
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත
- රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ කුරුවිට ප්‍රදේශ



