ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (09) පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ද ඇති වීමේ ඉඩ කඩක් ඇත.

එසේම උතුරු, දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි වනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා