උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ හාලි ඇල හා උඩුවර අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙනි.
ඒ අනුව බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රියේ යම් ප්රමාදයක් සිදු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඊයේ (08) පස්වරුවේ ද අදාළ ස්ථානයෙන් පස්කඳු කඩා වැටී දුම්රිය මාර්ගය අවහිර වී තිබූ අතර, ඒ හේතුවෙන් පැයක පමණ කාලයක් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි.
මේ වන විට පස් ඉවත් කර දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට කටයුතු සිදුකරමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

