යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
හමුදා සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේල් ලබාදීමට නොහැකි නම් රටක් ලෙස අසමත් බැවින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කරමිනුයි කාරක සභාව අදාළ අනුමැතිය ලබා දී ඇත්තේ.
එසේම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී අවධාරණය කර ඇත්තේ රජය විසින් වියදම් කරනු ලබන මුදලට සාපේක්ෂව නිසි පෝෂණයක් සහිත ආහාර වේල් ලැබීම පිළිබඳ සොයා බලා තහවුරු කරගත යුතු බවයි.
දිනකට කිලෝ කැලරි 3,400 ක ආහාර වේලක් හමුදා සෙබළෙක්ට ලබාදිය යුතු වුවද වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ එය අභියෝගයක් වී ඇති බව ඊට සහභාගී වූ උසස් හමුදා නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම තත්ත්වය හමුදා සෙබලාගේ චිත්ත ධෛර්ය සහ ශාරීරික යෝග්‍යතාව කෙරෙහි බලපෑම් ඇති කරන බවත් 2021 වසරේ සිට මේ දක්වා 30,000කට ආසන්න සංඛ්‍යාවක් හමුදාව හැරගොස් ඇති බවටද මෙහිදී කරුණු අනාවරණය වී තිබේ.

