ඊශ්‍රායල අමාත්‍යවරයෙකුගේ පුතා ඝාතනය වෙයි

ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසන්කොට්ගේ පුත්‍රයා ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

25 හැවිරිදි Gal Eisenkot බ්‍රහස්පතින්දා උතුරු ගාසා පිහිටි උමං මාර්ගයක් පුපුරා යෑමෙන් බරපතල තුවාල ලැබ රෝහල් ගත කර ඇති අතර එහි දී ඔහු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ හමුදාවේ මේජර්වරයෙක් ලෙස සේවය කළ Gal Eisenkot සැබෑ වීරයෙක් බවයි.

එසේම ඔහු සඳහන් කළේ ඔවුන්ගේ මෙම කැප කිරීම නිෂ්ඵල වීමට තම ඉඩ නොදෙන බවත්, ඉක්මනින් යුද්ධයේ ජයග්‍රහණය කරා යන බවත් ය.