නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්‍ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඇතුළත් නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

එමඟින් ජාතික විදුලිබල උපදේශන සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර ඊට සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව අමාත්‍යවරයා විසින් එම සාමාජිකයින් පත් කෙරෙන අතර ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබෙනවා.

එසේම මෙරට විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළඳාම් කිරීම, සැපයීම සහ ප්‍රසම්පාදන කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමටද පනත් කෙටුම්පතින් යෝජනා කර තිබෙන බවට සඳහන්.

මෙම පනත් කෙටුම්පතට පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි වුණා.