ඉන්දියාවේ දකුණු වෙරළ තීරය හරහා හමා ගිය සුළි කුණාටුවක් හේතුවෙන් තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ ස්ථාන රැසක ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් ජන ජීවිතය අදාළ වී ඇති බවත්, මේ වන විට ගංවතුරට කොටු වී සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන වලට ගෙන යාමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ය.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 18 දෙනෙක් පමණ ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
චෙන්නායි වැසියන්ට ආහාර සහ ජල අවශ්‍යතා සපුරා ගැනීම දුෂ්කර වී ඇති අතර ගංවතුර සහිත ප්‍රදේශ වලා විදුලි සැපයුම ද ඇණ හිට තිබෙන බවයි සඳහන්.
පසුගිය සඳුදා සිට තමිල්නාඩුවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමන් වාර බොහෝ සංඛ්‍යාවක් අවලංගු කෙරුණු අතර චෙන්නායි ගුවන් තොටුපොළේ ධාවන පථය ජලයෙන් යටවිමත් සමඟ එය ද වසා දමනු ලැබුවා.

