Tesla හි Cyber Truck රථය එළි දැක්වෙයි

Elon Musk ගේ Tesla සමාගම විසින් නිර්මාණය කළ නවතම නිෂ්පාදනය වන Cyber Truck (සයිබර් ට්‍රක්) රථය එළි දක්වා තිබෙනවා.

ඒ ආරම්භයේ දී ඇති වූ නිෂ්පාදන ගැටළු රැසක් නිරාකරණය කිරීමෙන් අනතුරුවයි.

මෙහි ආරම්භක මිල ඇමරිකානු ඩොලර් 60,990ක් ලෙස දක්වා ඇති අතර එය Elon Musk 2019 වසරේ දී සයිබර් ට්‍රක් රථයක් සඳහා නම් කළ මිලට වඩා 50%ක වැඩි වීමක් වනවා.

පසුගිය දා පැවති උත්සවයක් අතරතුර දී මෙහි පළමු ගනුදෙනුකරුවන් වෙත ට්‍රක් රථ 1,000ක් පිරිනමා තිබෙනවා.

ටෙස්ලා සමාගම සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී Cyber Truck හි තවත් විවිධ අනුවාද එළි දැක්වීමට නියමිත බවයි.

එසේම 2025 වන විට වඩාත් අඩු මිල ගණනක් යටතේ හඳුන්වා දෙන Cyber Truck රථයක් ද එළි දැක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

එක් වරක් සිදු කරන බැටරි ආරෝපණයකින් පසුව මෙම රථයට කිලෝ මීටර් 547ක් ගමන් කළ හැකි බව සඳහන් වනවා.

2025 වන විට සයිබර් ට්‍රක් රථ 250,000ක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි Elon Musk වැඩිදුරටත් ප්‍රකාශ කළේ.