IMF දෙවන වාරිකය ලබන 12 වනදායින් පසු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

එම ණය මුදලත් සමග ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඔහු සඳහන් කළේ.

එසේම රටේ ස්වෛරීත්වය පාවාදී විදේශ රටවලට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට සූදානම් නැතැයි පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා තවත් පරම්පරාවක් බෙදුම්වාදයට තල්ලු කිරීම අනුමත නොකරන බවද මෙහි දී අවධාරණය කරනු ලැබුවා.

අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී මෙම අදහස් පළ කෙරුනා.