සීෂෙල්ස් හි ප්‍රධාන දූපත වන මහේ හි කාර්මික කලාපයක දැවැන්ත පිපිරීමක් හේතුවෙන් එහි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පිපිරිම හේතුවෙන් මහේ දුපතේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ගොඩනැගිලි වලට බරපතල හානි සිදු වී තිබෙනවා.
එසේම පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් ද පිපිරීමෙන් තුවාල ලබා සිටිනවා.
සීෂෙල්ස් ජනාධිපති වේවල් රාම්කලවන් නියෝග කර ඇත්තේ අත්‍යාවශ්‍ය රාජකාරි වල නිරතවන්නට හැර අනෙක් පුද්ගලයන් සියල්ලන්න්ටම සිය නිවෙස් වල රැඳී සිටින ලෙසයි.
සීෂෙල්ස් වේලාවෙන් අද පස්වරු 2 ට පමණ පුපුරන ද්‍රව්‍ය තොග රඳවා තිබූ කන්ටේනර හතරක් මෙම පිපිරිම සිදු වී තිබෙනවා.


