අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන් අමතර රාජකාරිවලින් ඉවත්වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබාදෙන තුරු අමතර සේවාවලින් ඉවත්වී සිටින බවයි වර්ජනයේ නිරත විකිරණ තාක්ෂණවේදීන් පවසන්නේ.
ඔවුන් පෙරේදා සිට සවස 4න් පසු විකිරණ ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටිනවා.
මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වී ඇති අතර දුර බැහැර සිට දින වෙන්කරවාගෙන විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ද ආපහු හැරීයාමට සිදුවී තිබෙනවා.

