2022 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව 2022/2023 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා නිකුත් කරන ලද අවම කඩඉම් ලකුණු පත්‍රකාවේ දෝෂයක් ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.
ඒ අනුව එම ලකුණු පත්‍රකාවේ 5 වැනි සිටුවේ සඳහන් ‘තොරතුරු තාක්ෂණ’ සහ ‘තොරතුරු තාක්ෂණ කළමනාකරණය’ යන අධ්‍යයන පාඨමාලා දෙකෙහි තීරු ශිර්ෂ මාරු විය යුතු බවයි කොමිසම අවධාරණය කරන්නේ.
අදාළ නිවැරදි Z ලකුණු සටහන මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වනවා.
2022 උසස් පෙළ විභාගය සඳහා වන කඩයිම් ලකුණු නිකුත් කිරීම පසුගිය දා සිදු කරනු ලැබූ අතර මේ වන අයදුම්කරුවන්ට තමන් තේරී පත් වී ඇති විශ්වවිද්‍යාලය වෙබ් අඩවිය ඔස්සේ ද බලා ගැනීමේ හැකියාවක් පවතිනවා.

