දේශීය බිත්තර මිල අඩු වෙයි

මේ වනවිට පාරිභෝගිකයන්ට දේශීය බිත්තයක් රුපියල් 40,42,43 යන මිල ගණන්වලට මිලදී ගැනීමේ හැකියාවක් පවතින බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා.

සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන් ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පෙනුවා දෙන්නේ රුපියල් 65,70 දක්වා ඉහළ ගොස් තිබූ බිත්තර මිල මෙලෙස පහත වැටීමට හේතුව, දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළයාම බව යි.

පසුගිය නොවැම්බර් මාසයේ දී බිත්තර ලක්ෂ 60,65ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනයට එකතු වී තිබෙනවා.

ඒ අනුව එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව දේශීය බිත්තර අවශ්‍ය තරම් මිලදී ගැනීමට හැකි බවත් ඉදිරියේදී බිත්තර මිල තවත් අඩු විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පවසනවා.

දැනට සුදු බිත්තරයක් රුපියල් 37 කටත් රතු බිත්තරයක් රුපියල් 38 කටත් ගොවිපල වලින් නිකුත් කරනු ලබනවා.