මෙවර අයවැය හරහා ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විධිමත් පියවර

2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර තිබෙන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසනවා.

එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමිවන බව ඇය පෙන්වා දෙනවා.

එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පතෙහි මෙන්ම, පවතින නීති රීති සහ කෙටුම්පත්වල වෙනස්කම් සිදු කිරීමට ද බලාපොරොත්තු වන බවරාජ්‍ය අමාත්‍යවරිය සදහන් කරනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ.