ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්රියාත්මක කර තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්රියාත්මක කරන බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවා ඔවුන්ට බදු ලිපිගොනු සකස් කිරීම සිදු කෙරෙයි.
මෙතෙක් බදු ලිපි ගොනු විවෘත කර නොතිබූ මන්ත්රීවරුන් තිස් දෙනකු පමණ මේ වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය පෙන්වා දෙනවා.

