පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් අභියාචනා සළකා බලා ඔවුන් නැවත සේවයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ එලෙස නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ සිටින බවයි.

අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටුවන අතර ඔවුන් පෙර සේවය කළ ස්ථානයටම නැවත යොමු කිරීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.