ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින සටන් විරාම ගිවිසුමට අනුව ඊශ්‍රායල සිර මැදිරි වල සිටින තවත් පලස්තීන ජාතිකයන් පිරිසක් නිදහස් කර තිබෙනවා.
ඒ අතර 22 හැවිරිදි පලස්තීන ක්‍රියාකාරිනියක වන Ahed Tamimi ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇය විසින් සිය instagram පිටුවේ තබන ලද සටහනක් හේතුවෙන් ඊශ්‍රායල හමුදා ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේවෙතාත් ඇගේ පවුලේ අය සඳහන් කරන්නේ අදාළ සටහන තබන ලද ගිණුම ඇයට අයත් එකක් නොවන බවයි.
මේ වන විට ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 200කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කර තිබෙනවා.

