කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 1.5% සිට 2023 නොවැම්බර් මාසයේදී 3.4%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම ආහාර උද්ධමනය 2023 ඔක්තොබර් මාසයේ පැවති -5.2% සිට 2023 නොවැම්බර් මාසයේ දී -3.6%ක් දක්වා ඉහළ ගොස් ඇත.
2023 ඔක්තෝබර් මාසයේ දී 4.9% ක් ලෙසින් වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී 6.8% ක් දක්වා වැඩිවී ඇත.

