පොහොර වව්චර ගැන දැනුම් දීමක්

යල කන්නයේ යූරියා පොහොර සදහා නිකුත් කළ වවුචර් පත්වලට පොහොර ලබානොගත් ගොවීන්ට ලබන දෙසැම්බර් 15 වනදාට පෙර පොහොර ලබාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දැනුම් දී තිබෙනවා.

රජය විසින් යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන් වෙත වවුචර් පත් නිකුත් කිරීමක් සිදු කළ අතර එම වවුචර් පත්වලට පොහොර ලබානොගත් පිරිසක් ද සිටින බවටයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අදාළ පොහොර මිලදී නොගත් වවුචර් පත් මෙවර මහ කන්නය සදහාද භාවිත කිරීමට අවසර දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.