අහස අල්ලන එළවළු මිල

පවතින වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් වෙළඳපොළේ එළවලු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරනවා.

බොංචි, කැරට්, දෙහි, අමුමිරිස් ඇතුලු සියලුම ද්‍රව්‍ය වල මිළ ගණන් සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට බෝංචි කිලෝවක් රුපියල් 800ත් 850කටත්, කැරට් කිලෝවක් රුපියල් 550ත් 600 ත් අතර මිළකටත්, ගෝවා කිලෝවක් රුපියල් 540 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 590 කටත්, වැටකොලු 450 කටත්, පතෝල 520 කටත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 950 කටත් අලෙවි වනවා.

එසේම වම්බටු කිලෝව 520 කටත්, බණ්ඩක්කා කිලෝව රුපියල් 350 කටත්, කරිවිල කිලෝව 990 කටත්, ඉගුරු 1750 කටත්, දෙහි කිලෝවක් රුපියල් 2200 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 1100 කටත් අලෙවි වන බවයි සදහන් වෙන්නේ.