වැඩබලන පොලිස්පත්වරයෙකු පත් කෙරේ

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා.

ඒ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දුන් සිව්වන සේවා දිගුව පසුගිය 25වන දායින් අවසන් වීමෙන් අනතුරුව ඔහු විශ්‍රාම ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දීමත් සමඟය.

ඒ අනුව 2023.11.29 වනදා සිට මාස 03ක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාව අදාළ ධුරය සඳහා පත් කර තිබෙනවා.

මේ අතර, පොලිස්පති වශයෙන් පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව, පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාට එදින සිට වසර තුනක් තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වනු ඇත.