ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟ වූ බව වාර්තා වෙනවා.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඒ බව ශ්‍රී ලංකා රජය මේ වන විට දැනුම් දී ඇති බවයි.
කෙසේවෙතත් එය තහවුරු කිරීමට අදාළ නිල ලිපිය ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන් වෙත ලබා දී නොමැත.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටි ශ්‍රී ලංකාව මෙරට විදේශ විනිමිය සංචිත වාර්තාගත ලෙස පහළ යෑම හේතුවෙන් 2022 මැයි මාසයේ සිට බාහිර ණය ගෙවීම අත්හිටුවනු ලැබුවා.

