ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම තම ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තබා කටයුතු කරන බව අලුතින් පත් වුණු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරනවා.
තමා පසුගිය වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය සමඟ විවිධ තනතුරුවල සේවය කර ඇති බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා ශ්‍රී ලංකාවාසීන්ගේ යහපැවැත්ම ගැන සිතමින් පොලිස් සේවය ඉදිරියට ගෙන යෑමට පියවර ගණන බවයි සඳහන් කළේ.
එසේම ඔහු සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ දෙවන ස්ථානය ලබා දී ඇත්තේ රට පුරා දැවැන්ත ලෙස ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා වනවා.
ඔහු සඳහන් කළේ එය භාරදූර කාර්යයක් වුවත් ඒ සම්බන්ධයෙන් තමාට වැඩපිළිවෙලක් ඇති බවත්, එය ඉක්මනින් ම ක්‍රියාත්මක කරන බවත් ය.
ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි ඔහු මේ බව සඳහන් කළේ.

